කඩදාසි සහ පිහාටු
කඩදාසි සහ පිහාටු + තීන්ත
Wednesday, February 22, 2012
හා හා හරි හාවා....!
ඒත් මැරෙන කොට මිනී පෙට්ටියක් නම් තිබුණා.'
- කාල් මාක්ස්'ඒ ගොල්ලො දෙවියන්ගෙන ඉල්ලුවා ඒ ගොල්ලන්ට පාලුව නැති කරගන්න ළමයෙක්ව දෙන්න කියලා.ඇඟිල්ලක් තරම් පුංචි උනත් කමක් නෑයි කියලා...ඉතින්, දෙවියො ඒ ගොල්ලන්ට ළමයෙක්ව දුන්නා.
එයා ගොඩාක් පුංචියි.කොච්චර පුංචි ද කියනවානම් ඇඟිල්ලක් තරම් පුංචියි.
ඒ හින්දා එයාගේ නම තම්බලීනා!
- සුරංගනා කථාවකින්
ඉල්ලුවේ නැතත් අපිට
ලැබිලා මෙන්න පුංචි දුවෙක්
රසු..
රසු....
රසුසු....
රසුසුලා
රසුසුලාංගි
සුසු
සුලා
සුසුලා
සුලාංගි....තම්බලීනා!
ක.ක පරපුරට Full Stop !
දුවෙක් !
හුරේ...!
'නයික්ටස්ට රජකම ලබාගන්න ඔනේ නම් පුතෙක් හදන්න ඕනා.'
- රොහාන් පෙරේරා
අරාජිකත්වය දිනේවා !
ඉලෙක්ට්‍රා ඔය දොර පොඩ්ඩක් වහන්න.තාත්ති වැඩක්!
නළල ම්ං වගේලු !
අතපයත් මං වගේලු
නාහෙත්
කනුත්
ඇස්?
අම්මියගෙ...(මාව දැලේ දාගන්න)
කට?
ඒත් අම්මියගේ
( මාව පිස්සු වට්ටන්න )
Quality blended tea from......
ස්භාව ධර්මය නරකම නෑ
ජාන තාක්ෂණය තරම්ම නැතත්
මෙන්න
10*12 හතරැස් ලබ්බේ තොවිලෙක
බත් ඉදෙයි
පොත් ලිහෙයි
කොස් කැපෙයි
ඒ මදිවාට
ළමයෙකුත් අඬයි
දෝයි බබෝ දෝයි!
සුරංගනාවියන් එක්ක
හිනැහි හිනැහි මෙන්න
කැෂියර්ට බිල ගෙවා
ජයවර්ධන පුර සාප්පුවෙන්
අලුත්ම අලුත් අම්මෙකුත් එක්ක ගෙනා
බෝනික්කිය්ක් මෙන්
රසූ...
ඉතින් චූටි දුවේ ම්ං යනකොට කඩාගෙන
හම්බවුනා මාමා කෙනෙක්
'මොකද පසන් මේ ටිකේ කරන්නෙ?'
'මං ඇහුවා'
'ණය ගෙවනවා බං !'
'ඒ කිව්වෙ'
'පොත් ලියනවා(ප්‍රකාශකයන් ගෙ ණය ගෙවන්න)'
ෆයදෝර් දොස්තයෙව්ස්කිගේ
වී.ඩී ද ලැනරෝල් පරපුර
පියවරක් ඉදිරියට!
රස්කොල්නිකොව් ඉවසාපන් පොඩ්ඩක්!
Death of the author
Or
Death of the publisher?රසූ..
බහ තෝරන විට නුඹ කියවන
හැම පොත් පිටකම
ලේ,කඳුළු,බඩගින්න
රස්තියාදුව,කකුල් කෙඩෙත්තුව
තිබෙන බව
ප්‍රකාශක වලව් වල
ඊනියා ධනපති/දානපති
පිංපෙත්/සල්ලි/ නම්බු මඩි ඉන් තර කෙරුණු බව
සාහිත්‍ය බලු කපුටු දානවල
මතවාද හෙනහුරු අපල
ඉන් ගෙවාගත් වග
නුඹට නොදැනේවි
හොඳ නොහොඳ හැම පොතක් යටම
අපරාධයක් තියෙනවා පුංචි දුවේ !
'ලේඛකයා ජීවත් වීම සඳහා මුදල් හම්බ කල යුතුය
එහෙත් කිසි විටකත් මුදල් හම්බ කිරීම සඳහා ලිවිය නොයුතුය'
- කාල් මාක්ස්ඒත්
නුඹට තොටිල්ලක් කරන්නට
මේ මහ පොළොව
ලියනවා මං !
රසූ
තව ලබ්බේ
තොවිලෙකට යනකන්
නාඩන් දුවේ දෝයි....
නෑ ! උඹ අඬපන් !
මව් කුසෙහි සිටම හඳුනන
ගල් බෝර හඬින් ශේෂ වූ
අර පරුවත සොච්චමත්
දෙදරා හැලෙන්නට හඬපන්
මේ ගල් ගැහුණු රැය තූ තු කොට
ගල්වලට එහා ලන්දේ
හා පැටව් බලනවා ඇති
උන්ට කැරට් අල විසී කරන්න
උඹ එන තෙක් ඔය හා දෙපා තබා
පිනි විසුල උඳුපියලි පලසේ!
කේ කේ සමන් කුමාර
( රාවය - 2002 - ජුලි 14 ඉරිදා)
Tuesday, January 10, 2012
නිර්මානාත්මක ලේඛනය පාඨමාලාව - 2012 (දෙවන කන්ඩායම)
ප්‍රවීන ලේඛක සහ සාහිත්‍යය විචාරක කේ කේ සමන් කුමාර විසින් මෙහෙයවනු ලබන නිර්මානාත්මක ලේඛනය පාඨමාලාව දෙවන කන්ඩායම සඳහා නවක සිසුන් බඳවා ගැනීම මේ දිනවල සිදු කරනු ලබයි.
පෙබරවාරි මස දෙවන සතියේදි කොලඹ දී ආරම්භ වීමට නියමිත මෙම පාඨමාලාව පිලිවෙලින් අධ්‍යයන වාර හතරකින් යුක්ත වන අතර එය මාස විසි හතරක(ද්වි වාර්ෂික) පාඨමාලාවකි.
සීමීත සිසුන් පිරිසක් බඳවා ගන්නා බැවින් අයදුම් කරන ප්‍රමුඛතාවය මත බඳවා ගැනීම සිදු කරනු ලැබේ.
පාඨමාලාවෙහි ආවරණය කරනු ලබන විෂය නිර්දේශය,අයදුම් පත්‍රය සහ සියළු විස්තර පහත සඳහන් සබඳතා පුරුක් ඔස්සේ ඔබට ලබා ගත හැක
තොරතුරු
කොන්දේසි
අයදුම් පත්‍රය(PDF)
අයදුම් පත්‍රය(Word)
පිරිනමනු ලබන සහතිකය පිළිබඳ
Tuesday, September 6, 2011
අනේ අපි දැක්කෙ නැහැ..
එක් අයෙක් මියයයි - තව අයෙක් අසාධ්‍යව රෝහලේ
ඉංජිනේරුවා හා බිරිඳ යටකර ඇමැති ආරක්‍ෂක රිය ඉගිලෙයි
"අපි දැක්‌කේ නෑ" අත්අඩංගුවට
පත් රියැදුරු කියයි - පුවතක්
අම්මපා..
දැක්කෙ නැහැ
ඇස් වහන් යන්නෙ අපි
පාර සුද්දයි අපිට
ඉතින් මොන පයන්නකට
ඇස් අරන් යන්නද?
තුමා යන්නෙත් එහෙම
අපි යන්නෙත් එහෙම
ඇස් ඇරන් යද්දී
හිතට හරි කරදරයි
තුමා එහෙමයි කිව්වෙ
ඇස් වහන් අරින්නටම..
පුරුදු වෙයල්ලා කියල
අනිත් එක මේක
දේව කාරිය
රාජ කාරියට වඩා
දේව කාරිය උතුම් අපට
දෙවි කෝප උනොත් හෙම
රජා වගෙ නෙවෙයි
ඇත්තමයි කියන්නෙ..
අනේ අපි දැක්කෙ නැහැ..
ඇස් වහන් යන්නෙ අපි
පාර සුද්දයි අපිට
දිනුක සපුතන්ත්‍රි
Sunday, August 21, 2011
තුන් බිය
සිවුරටත් නිගා දෙන
යතිවරුන් ගයන
වන්දි භට්ටයෝ බණ කියන
පිසාචයෝ රට කරන
ජනී ජනයා නිදි වදින
විශාලා මහනුවරටම සම
අශ්චර්යෝපමා දනවන
මුතු ඇටයේ..
සුවඳ විඳ ගන්න
මහා රවුලානනේ
එන්න..
නිලන්ත ගමගේ
Thursday, August 18, 2011
ලිහිණියේ..
ලිහිණියේ..
ඉගිල යන වැහි කෝඩයේ..
මට කියාපන්
කෝ
කොහි සැඟවුනිද
අපෙ ආදරේ
තෙත බරිත මඩ ගොහොරුවේ
පා දවන අව් කූටකේ
මග දිගට සෙව්වා
නෑ දුටුවේ
ලිහිණියේ
උඹ දුටුවාද
අපෙ ආදරේ..
ළය දවන උතුරුකරයේ
කුහක හිත් පුරන දකුණේ..
මට කියාපන්
කෝ
කොහි සැඟවුනිද
අපෙ ආදරේ
නිලන්ත ගමගේ
Tuesday, August 2, 2011
සර්පයා..(Sarpaya)
Subscribe to:
Posts (Atom)







